උප්පැන්න 03යි – බිරින්දෑවරුන් 03 යි – දරුවන් 04 යි – බණ්ඩාරවෙල හොල්ලපු පුදුම කතාව මෙන්න

කාන්තාවන්ව රවටා ඔවුන් විවාහ කරගෙන දරුවන් හදා ඔවුන්ව මුලාකරන පුවතක් සම්බන්ධයෙන් අපට බණ්ඩාරවෙල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ව්‍යාජ උප්පැන්න සාදා විවාහ තුනක් කරගෙන දරුවන් හැදූ මෙම පුද්ගලයා බණ්ඩාරගම සංඝමිත්තා පාරේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු විසින් මේ එක් එක් බිරිඳ විවාහ කර ගැනීම සඳහා වෙන වෙනම උප්පැන්නද සාදා ඇති බවටද අනාවරණය වුණා.

විවාහ කරගත් කාන්තාවන්ට හොර රහසේ මෙම ව්‍යාජ උප්පැන්න සකසාගෙන තිබෙනවා.

සැකකරුට දාව බිරින්දෑවරුන් දෙදෙනකුට දරුවන් දෙදෙනා බැගින් දරුවන් සිවු දෙනෙකු සිටින අතර අනෙක් බිරිඳ දරුවකු පිළිසිඳගෙන ගබ්සාවට ලක් වූ කාන්තාවක්.

බණ්ඩාරගම- සංඝමිත්තා මාවතේ නිවෙසක කාන්තාවන් දෙදෙනකු ගුටි කෙළියක යෙදෙන බවට බණ්ඩාරගම පොලිසියට 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා එක දිගට ලද පණිවිඩ අටක් පැමිණ තිබු බව සඳහන්.

එහිදී පොලිසියට දැකගත හැකිවී ඇත්තේ කාන්තාවන් දෙදෙනකු එකිනෙකා පරදා බහින්බස් වෙන අයුරුයි.

එමෙන්ම ඒ අසලම පිරිමි පුද්ගලයකු ඔවුන් දෙදෙනා අස්වසාලීමට වෙහෙසන අයුරුත් දැක ගන්නට ලැබී තිබෙනවා.

තුන් දෙනාම පොලිසියට කැඳවාගෙන ඒමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමේදී කාන්තාවන් දෙදෙනාම පිරිමි පුද්ගලයාට අයිතිවාසිකම් කියන්න වූයේ ඔවුනොවුන්ගේ විවාහ සහතික ඉදිරිපත් කරමින්

ඒ අනුව පරීක්ෂණ කළ පොලිසිය ව්‍යාජ නම්වලින් ව්‍යාජ උප්පැන්න සහතික සාදා කාන්තාවන් දෙදෙනා මුළාකර විවාහ දෙකක් කරගෙන ඇති බව හෙළි කර ගත්තා.

බහු විවාහ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග සැකකරු හා මෑතකදී විවාහ වූ බවට විවාහ සහතිකයක් ඉදිරිපත් කරමින් තවත් කාන්තාවක් පොලිසියට පැමිණ තිබෙනවා.

ඒ අනුව එකිනෙකාට හොර රහසේ ව්‍යාජ උප්පැන්නයක් සාදා විවාහ තුනක් කරගත් සැකකරුට දාව කාන්තාවන් දෙදෙනකුට දරුවන් දෙදෙනා බැගින් දරුවන් සිවු දෙනෙකුත් අනෙක් කාන්තාව දරුවකු පිළිසිඳගෙන ගබ්සාවට ලක් වූ කාන්තාවක බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සඳහන්.

එක් කාන්තාවක් සැකකරු සමග විවාහවී ඇත්තේ දරුවන් තිදෙනකු අතහැරදමා පැමිණ බවත් හෙළිවී තිබෙනවා.

සැකකරු මේ අයුරින් පානදුර හා අලුබෝමුල්ල හා බලන්ගොඩ කාන්තාවන්තුන් දෙනකු ද විවාහ කරගෙන තිබූ බව ද පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

39 හැවිරිදි වියේ පසුවන සැකකරු කාන්තාවන් තිදෙනකු විවාහකර ගැනීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනා.

Share this...
Share on FacebookShare on Google+Tweet about this on TwitterShare on LinkedIn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *